windows යනු Graphical user interface (GUI) එනම් රුපික අතුරු මුහුනතක් සහිත මෙහෙයුම් පද්ධතියක් වේ . නමුත් මෙම GUI එකට අමතරව Command line interface (CLI) එකක්ද windows සතුවේ .මෙමගින්ද අපට පරිගනකයෙන් කල යුතු වැඩ බොහොමයක් කර ගැනිමට හැකියව ලැබේ. මෙම CLI ලබා ගැනිම ක්‍රම කිහිපයකින් කර ගත හැකි වේ- windows+R button දෙක එකවරම ඔබා ලැබෙන window එකෙහි cmd ලෙස type කර enter කිරිමෙන්
- search bar එකෙහි cmd ලෙස search කිරිමෙන් පසු command prompt නම් application එක open කිරිම තුලින්
- c/windows/winsxs/wow64_microsoft_windows_commandprompt යන path එකට යැමෙන්
- File explorer හි address bar එක තුල cmd ලෙස type කිරිමෙන්
diskpart - disk වල වෙනස් කම් කිරිමට අදාළ utility ලබාදෙනු ලැබේ
copy - file copy කල හැකිය
copy D:\111/11/1.txt E:\22/1.txt
format - flash drive හෝ hard drive format කිරිමට යොදා ගත හැකිය
format F:/fs:nfs
මෙහි F යනු file expolere හි format කිරිමට අවශ්‍ය drive එකෙහි අකුරයි
fs:ntfs යනු format කරන file type එකයි මෙය fat32, exfat ලෙස වෙනස් කර ගත හැකිය
Sfc/scannow - system file වල දොෂ සොයයි
Chkdsk - hard disk හ flash drive වල දෝෂා සොයයි
chkdsk drive එකෙහි අකුර ලබා දෙන්න
Del - අනවශ්‍ය දෑ delete කිරිමට
del D:\111\11\1.mp3shutdown -s - shutdown කිරිමට
shutdown-h - hibernate කිරිමට
shutdown -r - restart කිරිමට
shutdown-s -t 120 - තත්පර 120 කින් shutdown විමට
Ipconfig - ipaddress හා subnetmask එක ඇතුලු ජාල කිරිම සම්බන්ධ තොරතුරු ලබා ගැනිමට
ping - පරිගනකය යම් වෙබ් අඩවියක් හ නිවැරැදි ලෙස සම්බන්ධ වී ඇති දැයි බැලිමට
ping www.youtube.com
tree - file විහිදි ඇති ආකාරය tree graph එකක් ලෙස පෙන්විමට
attriub - file, folder හෝ drive එකක attribute වෙනස් කිරිමට
attrib -h -s -r C:\*.*
cls - screen එකෙහි අඩන්ගු දැ clean කිරිමට
cmd - නව cmd එකක් ලබා ගැනීමට
exit - cmd එකෙන් ඉවත් වීම සඳහා
ඉතින් මම හිතනවා ඔයාලට cmd එකෙන් වැඩ කර ගන්න හැටි ගැන පොඩි හරි අවබොදයක් ලැබෙන්න ඇති කියලා එ වගේම ඔයාලා දන්න command තියෙනවා නම් පහලින්comment එකක් දාන්න .
මේ වගේ ලිපි දිගටම ලබා ගන්න අපිව follow කරන්න
එහෙනම් ඔයලට සුබ දවසක් ......!!!!
great work bro
ReplyDeletetnx
ReplyDelete