Saturday, May 6, 2017

වින්ඩොස් වල code කිරිම (windows cmd)

windows යනු Graphical user interface (GUI) එනම් රුපික අතුරු මුහුනතක් සහිත මෙහෙයුම් පද්ධතියක් වේ . නමුත් මෙම GUI එකට අමතරව  Command line interface (CLI)  එකක්ද windows සතුවේ .මෙමගින්ද අපට පරිගනකයෙන් කල යුතු වැඩ බොහොමයක් කර ගැනිමට හැකියව ලැබේ. මෙම  CLI ලබා ගැනිම ක්‍රම කිහිපයකින් කර ගත හැකි වේ

  • windows+R button දෙක එකවරම ඔබා ලැබෙන  window එකෙහි  cmd ලෙස  type කර  enter කිරිමෙන් 
  • search bar එකෙහි  cmd  ලෙස search  කිරිමෙන් පසු command prompt නම්  application එක  open කිරිම තුලින් 
  • c/windows/winsxs/wow64_microsoft_windows_commandprompt යන path එකට යැමෙන් 
  • File explorer හි  address bar එක තුල  cmd  ලෙස type කිරිමෙන්
මෙලෙස ලබා ගන්නා command prompt  එක භාවිතය සඳහා මෙහි ඇති විධාන පිලිබද දැන ගත යුතුය . මෙහිදි විධාන ඉතා විශාල ප්‍රමාණයක් ඇති අතර එවා අතරින් මුලික විධාන කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු

diskpart             - disk වල වෙනස් කම් කිරිමට අදාළ  utility ලබාදෙනු ලැබේ

copy                 - file copy කල හැකිය
                          copy D:\111/11/1.txt E:\22/1.txt

format              -  flash drive හෝ  hard drive format කිරිමට යොදා ගත හැකිය
                            format F:/fs:nfs
                           මෙහි F යනු  file expolere  හි  format  කිරිමට අවශ්‍ය drive එකෙහි අකුරයි
                            fs:ntfs යනු  format කරන  file type එකයි  මෙය  fat32, exfat ලෙස වෙනස් කර ගත හැකිය

Sfc/scannow         - system file වල දොෂ සොයයි

Chkdsk                 - hard disk හ  flash drive වල දෝෂා සොයයි
                               chkdsk  drive එකෙහි අකුර ලබා දෙන්න

Del                       - අනවශ්‍ය දෑ delete කිරිමට                                                                                                
                                del D:\111\11\1.mp3

shutdown -s           - shutdown  කිරිමට
shutdown-h            - hibernate  කිරිමට
shutdown -r            - restart  කිරිමට

shutdown-s -t 120  - තත්පර 120 කින්  shutdown  විමට

Ipconfig                  - ipaddress හා  subnetmask එක ඇතුලු ජාල කිරිම                                    සම්බන්ධ තොරතුරු ලබා ගැනිමට

ping                        - පරිගනකය යම් වෙබ් අඩවියක් හ නිවැරැදි ලෙස සම්බන්ධ වී ඇති දැයි බැලිමට
                                  ping www.youtube.com

tree                         -  file  විහිදි ඇති ආකාරය tree graph එකක් ලෙස පෙන්විමට

attriub                      - file, folder හෝ  drive එකක  attribute වෙනස් කිරිමට
                                  attrib -h -s -r C:\*.*

cls                           - screen  එකෙහි අඩන්ගු දැ clean කිරිමට

cmd                         - නව  cmd එකක් ලබා ගැනීමට

exit                           -  cmd  එකෙන් ඉවත් වීම සඳහා

ඉතින් මම හිතනවා ඔයාලට cmd  එකෙන් වැඩ කර ගන්න හැටි ගැන පොඩි හරි අවබොදයක් ලැබෙන්න ඇති  කියලා එ වගේම ඔයාලා දන්න command   තියෙනවා නම් පහලින්comment එකක් දාන්න . 

මේ වගේ ලිපි දිගටම ලබා ගන්න අපිව  follow කරන්න

එහෙනම් ඔයලට සුබ දවසක් ......!!!!

2 comments: