ශ්‍රොණි මේ කලා කියන්නෙ හුග කලෙකින් කියවපු ලස්සන පොතක් .මේ ශ්‍රොණි මේ කලා වෙන් වෙන්ව ලියනවද නැත්නම් එකට ශ්‍රොණිමේකලා කියලා ලියනවද කියන්න මම දන්නේ නැ . හැබෙයි කොහොම ගත්තත් පොතක් විදිහට නම් මරුම මරු පොතක් තමයි මේ . අරුන පත්තිනිගේ කියන දක්ෂ ලෙඛකයගේ තෙලිතුඩින් ලිය වුනු පට්ට පොතක් තමයි ශ්‍රොණි මේ කලා .මේ කතාව අදර කතවක්ද ,සහිත්‍ය කතාංගයක්ද ,දේශපාලන කතාවක්ද එහෙමත් නැත්නම් අමුතු විදිහකට ජිවිතේ දිහා බලන්න දෙන කතවක්ද කියන්න මට තෙරෙන්නේ නැ . මොකද මගේ දැනුම එච්චර පරිනත නැති නිසා . එත් , ඔනිම පාඨකයෙක් අලුත්ම හා වෙනස්ම මානයකට ගෙනියන්න පුලුවන් සුන්දර කතවක් කියන්න පුලුවන් මෙ පොත .
හම්බන්තොට ඉපදුනු රංබන්ඩා , නුගේගොඩ සිතිජ විදිහට තමුන්ගෙ ජිවිතේ සතුට කියලා හොයන් යන දෙවල් ගැන ඔහුට හිතෙන විදිහට තමයි මේ කතාව ලියලා තියෙන්නේ . මේ කතාවේ වටිනාකම තමයි මේ කියන සුතිජ ඔහු කරන දෙවල් වලින් ඔහු හොද මනුස්සයෙක් කියලා පාඨකයට දැනෙන්නේ නැ . මොකද කිව්වොත් අරුන පත්තිනිගේ කතව තුලින්ම සිතිජව විවේචනය කරනවා කියලා මට හිතෙනවා .පිරිමින් සතු කාමයට ඇති ඇල්ම හා ඒ වෙනුවෙන් කරන තුප්පහි වැඩ හා එ වෙනුවෙන් ඔවුන් සදා ගන්නා මතවාද ඉතාමත් නොදැනෙන ආකාරයෙන් විවේචනය කිරිමක් මේ පොත තුලින් දකිනවා . ඒ වගෙම ලොකුවට කියා ගන්න ශ්‍රීලංකාවේ සංස්කෘතියේ ඇති වැරදි , ශ්‍රීලංකික ජනයාගේ වැරදි රැසක් විවරනය කිරිමක් ලෙස මා මේ පොතා හදුන්වනවා .ඉතින් මේ ලිපිය මම ඉවර කරන්නම් පොඩි උපුටා ගැනිමකින් ..........
පෙම්වතුන් කියන්නේ
ලිංගිකව එක් නොවි අදරේ කරන අයටද
අඹුසැමියන් කියන්නේ
ලිංගිකව එක් වෙන ගමන් අදරේ කරන අයටද
ලිංගිකව එක් වෙන ගමන්
කසාද සහතිකයට දුවිල්ලක් වත් වැදෙන්න නොදි ආරක්ෂා කරන එකද
No comments:
Post a Comment