Sunday, November 26, 2017

මිලින වී ගිය වසන්තය

හොරා කිහිපයක මතකය
දිගැටි ඇගිලි දිගු කර
කුරුලු දැසින් මා මත් කල
මියුලැසිය නැත මා ලග

ගෙවි ගිය ඒ සොදුරු මතකය
රැදි ඇත තාමාත් දැවෙන හද තුල
දැවි ගියද මා හද චිතකය
ශේෂ වි ඇත හදෙහි අලු බිද

ගසෙහි ඇති තුෂාර බිදු පොද
මැකි යන්නෙහි නැගෙන හිරු ලග
මගේ ලොකයේ දැවෙන දිවාකාර
වෙතැයි නොසිතූවෙමි මගේ වයසම



No comments:

Post a Comment