Wednesday, May 17, 2017

බොට්නේට් කියන්නේ මොකක්ද....?

අද වනවිට පරිගනක ආශ්‍රිතව තිබෙන විශාලතම අර්බුදය ලෙස බොට්නෙට් හදුන්වන්න පුලුවන් .මොකක්ද මේ බොට්නෙට් කියන්නේ කියලා අපි දැන් බලමු

ඔයාලා දන්නවාද අද වෙනකොට ලොකයේ තියෙන සැම පරිගනක තුනකින් එකක් සයිබර් අපරාධකරුවකුගෙ ග්‍රහනයේ තියෙන බව . මේ විදියට සයිබර් අපරාධකරුවන් විසින් ඉතාමත් සුක්ශම තාක්ෂණික උපක්‍රම බාවිතා කොට පරිගනක කෝටි ගනනක් එවායේ අයිතිකරුවන්ට නොදැනෙන ලෙස ඔවුන්ගේ භාවිතයට ගන්නවා මේ විදියට භාවිතා කරන පරිගනක ජාලයක් බොට්නෙට් එකක් ලෙස හදුන්වන්න පුලුවන්

ක්‍රමලේඛන ශිල්පීන් විසින් ලියන ලද  malicious වැඩසටහන් අන්තර්ජාලයට එකතු කිරිමෙන් බොට්නෙට් එක ආරම්භ වනවා . මේහිදි දුර්වල ආරක්ෂක  වැඩපිලිවෙලක් ඇති පරිගනක තුලට ඇතුලු වන මෙම වැඩසටහන එහි පරිශීලකයට නොදැනෙන අයුරින් එහි පාලනය ලබා ගන්නවා . එය එකතරා විදියක ට්‍රොජන් වර්ගයේ වෛරස් එකක් හදුන්වන්න පුලුවන් . මේ විදියේ බොට්නෙට් වැඩසටහන් වලට එය ඇතුල් වන පරිගනකයේ ආරක්ෂක තත්වය අනුව ,අවශ්‍ය ආකාරයට අනුවර්තනය විමේ හැකියවක් පවතින්වා . ඒක නිසාම virus guard
වලටත් මේවා අල්ල ගන්න අමාරුයි

මේ විදියට ග්‍රහණයට ගන්නා පරිගනක වල භාවිතා නොවන ධාරිතාව ඇතුලු දෑ බොට්නෙට්කරුවා විසින් පරිහරනය කිරිම ආරම්භ කරනවා . මේ විදියට  දහස් ගණන් පරිගනක පාලනය කිරිම ආරම්භ කල පසු මෙම බොට්නෙට් කරුවා  විසින් මෙම ජාලය විකිනිමට පටන් ගන්නවා . මෙහිදි විවිධ පණිවිඩ යැවිම , විවිධ මෘදුකාංග විකිණීම , නියමිත ලෙස වැඩ නොකරන වැඩසටහන් විකිණීම වැනි ක්‍රියා බොට්නෙට් ජාලය හරහා සිදු කරනවා

මේ විදියට බොහොම දරුනු ආකාරයෙ කරදරකාරි හා විනාශකාරි වැඩසටහක් වන බොට්නෙට් වැඩසටහන ඔබෙ පරිගනකයෙත් තියෙන්නට පුලුවන් . ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි ඔබේ පරිගන්කයේ virus guard , firewall සහ  defender සදහා හොද ආරක්ෂියත , පිලිගැනිමක් ඇති  වැඩසටහන් ලබා ගැනිම හා නිතර නිතර   update කිරිමයි

ඉතින් මම හිතනවා ඔයාලට බොට්නෙට් ගැන හොද අවබොදයක් ලැබෙන්න ඇති කියලා

එහෙනම් තවත් ලිපියකින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක් .......!!!!!

1 comment: