Monday, May 8, 2017

අසමජ්ජාති ආදරය

                  ලාංකික විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයා තුල පවතින ගැටලු සමුහය ඉතා සියුම් ලෙස , අපට නොදැනෙන ආකරයකට මාතෘකාවට යොදා ගැනිමක් සිදු කර තිබේ .ජිවිතය ජය ගැනිමට වෙර දරන ශිෂ්‍යයාවන් දේශකවරුන්ගේ ගොදුරු බවට පත් වන අයුරු ද ඒ සමග ඇති වන දෙශකවරුන් හා ශිෂ්‍යයන් අතර ගැටුමද මැනවින් විග්‍රහ කර තිබේ .භාරත ප්‍රභාශණ තෙන්නකොන් නැමති නුතනවාදී ලේඛකයාගේ අපුරු කෘතියක් ලෙස අසමජ්ජාති ආදරය  හැදින්විය හැකිය

                 මිට අමතරව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සමාජය තුල පවතින මතවාද තුලම ගොනුවි සිටිම කාලොචිත නොවන බවත් , විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මිට වඩා විචරශිලි ස්වාධීන විය යුතු බවද යම් අකාරයකින් ඉගි කරයි කලා විශ්ව විද්‍යාල  පිලිබඳලියවුනු දෑ සමග සැසදිමේදී යථාර්ථයට යම් මට්ටමකින් ආසන්න කෘතියක් ලෙස මෙය හැදිනිය හැකිය .

                   වියත් කාලකරුවකු සේ නව බස් වහර හසුරවමින් නිරායාසයෙන් කියවිය හැකි ආකාරයට කතාව ගොඩ නගා තිබේ මේ මුලු කතාව තුලදි විශ්ව විද්‍යාල පද්ධතියේ ඇතෙයි පවසන තවත් ගැටලු කිහිපයක් ගැන අවදනය යොමු කර තිබුනත් ඒවායේ විනිවිද භවය පිලිබද ගැටලුවක් පවතී මාගේ දැනිමට අනුව අර්ථ පුර්ණ නවකතාකරුවේකු ලෙස මිට වඩා යම් කිසි ආකාරයක  පරිනත බවකින් යුක්තව යම් යම් විශයන් වලට අවතිරන වුවා නම් මිට වඩා යොග්‍ය යැයි හැගේ . නමුත් , සමස්ථයක් ලෙස ගත් විට ඉතා විශාල වැදගත්කමක් ඇති කෘතියක් ලෙස අසමජ්ජාති ආදරය  හැදින්විය හැකිය 

මේ කෘතිය ඔබටත් ලාබා ගැනිමට අවශ්‍ය නම් මෙතනින් ලබා ගන්න

අවසාන වශයෙන් මේ කෘතිය පිලිබඳ පල වු කවි පෙලියකින් අවසන් කරන්නම්


අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි
ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත් 
අම්මලා කුඩම්මලා වෙන්නෙත් 
සමාජවාදය කපිටලයිස් වෙන්නෙත් .....





 














ඔබට සුබ දවසක් වේවා............!!!!

No comments:

Post a Comment