පාර දිගේ කැරකෙමින්
පැකිලෙමින් විසිවෙමින්
අති විශේෂ බොතලේ
කිහිල්ලේ ගුලි කරන්
සිංහලේ සුද්ධ පද
ඒ මුවෙන් විදිනවා
රත් වෙච්චි හාමුදුරුවෝ
දඩ මසුත් බුදිනවා
සිලවති දැක ගන්න
සක්මනුත් කරනවා
සිල් ගන්න අපි හැමට
පන්සිලුත් කියනවා
පව් ගැනත් ලොකු කතා
සිරාවට දෙසනවා
දණ ගැහුවේ ඇයි කියා
කුකුසකුත් දැනෙනවා
එක් කරපු දැත මගේ
මොලවන්න හිතෙනවා
කාණුවක සතපන්න
චිවරේ ගලවන්න
පන්සලෙන් පන්නන්න
මම හින දකිනවා
No comments:
Post a Comment